Wednesday, May 23, 2018

HOW TO GET FREE GIFTS FROM GOKANO (SINHALA)


අද මම කියල දෙන්න යන්නේ කොහොමද gokano web සයිට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම මම gokano ගැන පැහැදිලි කරන්නම්. gokano කියන්නේ විවිධ task සම්පුර්ණ කරලා තෑගි දිනා ගන්න පුළුවන් web site එකක්. මේකෙදි තෑගි ලබා දෙන්නේ අපි task සම්පුර්ණ කරලා එකතු කර ගන්න points අනුවයි. මේකෙදි ලොකු ලොකු අමාරු දේවල් කරන්න නැහැ. ඒ වගේම ඉවසීමෙන් වැඩ කලොත් points ගොඩක් එකතු කර ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේ gokano වෙබ් සයිට් අපිට මොකටද free gift දෙන්නේ කියලා. මෙහෙමයි gokano වේබ් සයිට් එකේ අපි වැඩ කරන කොට වටේටම ads පෙන්නනවා. මේවලින් gokano වෙබ් සයිට් එක මුදල් හම්බ කරනවා. සාමාන්‍ය වෙබ් සයිටේ එකක් ගත්තහම එකට එන සෙනග අනුව දාල තියෙන ads වලින් ගානක් හම්බ වෙනවා. ඉතින් gokano කරන්නේ task සම්පුරණ කරහම free gift දීලා ads වලට viwes වැඩි කර ගන්න එකයි. bot ලා පාවිච්චි නොකර ඇත්ත මිනිස්සු web සයිට් එකට එන නිසාත් වක්‍රව මිනිස්සුන්ට ads පෙන්නන නිසාත් gokano නීතිමය වශයෙන් ස්ථාවරයි. ඒ නිසාම gokano කියන්නේ මේ වෙද්දී ලෝකය පුරාම විශ්වාසය දිනු වෙබ් අඩවියක්.
හරි අපි එහෙනම් බලමු කොහොමද gokano පාවිච්චි කරන්නේ කියලා. ඉස්සෙල්ලම පල්ලෙහා තියෙන link එක පාවිච්චි කරලා gokano එකේ registerවෙන්න.            
                       


register වෙද්දී ඔයාලට උඩ තියෙනවා වගේ page එකක් දැක ගන්න පුළුවන්. එකේදී ඔයාලගේ ඇත්ත විස්තර ලබා දෙන්න. මොකද gift එවන්නේ ඔයා ලබා දුන්න විස්තර  අනුව. ඔයාගේ පළාතේ zip code එක ගූගල් එකෙන් හොයා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට වත්තල zip code එක දැන ගන්න ගූගල් එකේ wattala zip code කියල search කරන්න. පල්ලෙහා කොටුවේ තියෙන වචනේ your answer එකේ type කරලා අන්තිමට register new account කියන එක click කරන්න.

register උනාට පස්සේ ඔයාලට මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්.
උඩම bar එකේ Home, missions, prize, offers වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන්.
ඊට යටින් අපි හොයපු points ගාන බල ගන්නා පුළුවන්. මේකෙදි points වර්ග දෙකක් තියෙනවා Gn, Vp කියලා. Gn කියන්නේ gokano එකේ තියෙන task කරලා හොයා ගන්න පුළුවන් points වර්ගය. ඒ වගේම Vp කියන්නේ විවිධ දේවල් download කරලා ලබා ගන්නා points.

වම් පැත්තෙන් ඔයාලට කොළ පාට කොටු තුනක් බලා ගන්න පුළුවන්. එකේ තියෙන collect daily points එක click කරහම free Gn point එකක් දවසකට ලබා ගන්න පුළුවන්. මතක් කරලා ඔයා gokano එකට ලොග් වෙන හැම දවසකම මේක click කරන්න අමතක කරන්න එපා.

හරි අපි බලමු කොහොමද මේකේ task කරන්නේ කියලා. එකට missions කියන එක click කරන්න එතකොට ඔයාලට පල්ලෙහා තියෙන විදියේ page එකක් බලා ගන්නා පුළුවන්.


daily missions වලදී කරන්න තියෙන්නේ එයාලා අපිට ලබා දෙන poll එකක් fill කරලා Gn point එකක් ලබා ගන්න එකයි. මේකෙදි මොන උත්තරේ click කරලා next දුන්නත් ඔයාට point එකක් ලබා ගන්න පුළුවන්. කෙලෙන්ම කිව්වොත් අපෙන් අහන්නේ ගොඩක් වෙලාවට ගොන් ප්‍රශ්න. උදාහරණයක් විදියට ඔයා කැමති batman ටද  නැත්තන් supermanටද වගේ පරශ්න. සාමන්යෙන් මේ වගේ task දවසට දෙපාරක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදේටයි රෑටයි වගේ.

ඉතින් ඔයා දවසට එක පාරක් gokano එකට ලොග් වුනොත් daily point සහ daily missions click කරලා Gn හොයන්න පුළුවන් ඒ කියන්නේ මාසෙට 60 Gn.

social missions තමයි ලෙහෙසියෙන්ම Gn හොයා ගන්නා පුළුවන් task තියෙන්නේ. අපිට තියෙන්නේ ඒගොල්ලෝ දෙන facebook, youtube වල තියෙන page like/fallow/subscribe කරන එකයි. ගොඩක් pages අපිට වැදගත් නොවන ඒවා. මම මුල් දවස් වල මේ හැම page එකක්ම like කර කර Gn හෙව්වේ ඇත්තටම gokano සහ social web site අතර කිසිම සම්බන්දයක් නැහැ. gokano එකෙන් කරන්නේ යම් කිසි වෙලාවක් තුල අපිට point ලබා දෙන එක ඉතින් ඒ කාලේ යනකම් ටිකක් වෙලා හිටියම click නොකරම අපිට Gn point ගන්න පුළුවන්. මේක දවසට එකක් දෙකක් නෙමේ තියෙන හැම task එකක්ම ඉවර කරන්න පුළුවන් නිසා ඉකමනින් දවසට point ගොඩක් ගන්න පුළුවන්. සමහර task වලට 2Gn පවා දෙනවා.


Extra missions වල කරන්න තියෙන්නේ gokano එකෙන් දෙන softwares download කරන එකයි. මේකෙදි ඔයාට Vp point එකතු කර ගන්නා පුළුවන්. හැමතිස්සෙම මේ වගේ task නැති නිසා අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ ඒ පිලිබදව.


Fast mission වල තියෙන්නේ විවිධ web site වලට යන්න, ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන එක වගේ දේවලුයි. මේකත් ටිකක් අමාරු task එකක්. මොකද හැම task එකකටම time period එකක් තියෙන නිසා සහ හැම තිස්සෙම task නැති නිසයි. ඒ වුනාට මේ task එකක් කලොත් ඔයාට 2Gn හොයා ගන්න පුළුවන්.

හරි අපි බලමු මේ task කරලා අපිට ගන්නා පුළුවන් gift මොනවද කියලා. එකට උඩ තියෙන prize කියන එක click කරන්න. එතකොට පල්ලෙහා තියෙන විදියට ඔයාට page එකක් බලා ගන්න පුළුවන්.

gadgets කියන එකේ තියෙන්නේ gokano එකේ ලෝගෝ එක දාපු ෂර්ට්, කෝප්ප වගේ දේවල්. electronics කියන එකේ තියෙන්නේ විවිධ ඉලෙක්ට්‍රොනික බඩු.. ෆෝන්, පවර් බෑන්ක් , පෙන් වගේ දේවල් තමා එකේ තියෙන්නේ. gift cards click කලහම බලාගන්න පුළුවන් විවධ web site වල gift cards.. ඔයාට paypal එකට සල්ලි දාගන්නත් මේ හරහා පුළුවන්. මේ හැම දෙයක්ම ගන්න පුළුවන් ඔයා මහන්සි වෙන තරමට තමයි.


ඒ වගේම මම ඔයාට කිව්වා vp හොයන්න gokano එකේ apps වගේ දේවල් download කරන්න වෙයි කියලා. ඒවාට හම්බ වෙන්නේ ඉතා අඩු vp ප්‍රමාණයක්... ඉතින් ඔයාට පුළුවන් gokano එකේ offer කියන එක click කරලා වෙන සයිට් වලින් දෙන task කරලා vp ගන්නා. ගොඩක් වෙලවට තියෙන්නේ form fill කරන්න වගේ දේවල්.
ඉතින් මම ආයෙත් කියන්න ඕනේ gokano කියන්නේ විශ්වාසවන්ත සයිට් එකක් කියලා. ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොටත් gokano එකක් වැඩ කරලා ගෙදරටම gift ගෙන්නාගෙන තියෙනවා. 



ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
Share:

4 comments:

Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE