Monday, September 30, 2019

Bittorrent ගැන සිංහලෙන් | what is Bittorrent



අන්තර්ජාල භාවිතා කරන්නන් නිසා ඇතිවන අන්තර්ජාල තද බදයට මුලිකම දායකත්වයක් ලබා දෙන්නේ bittorrent client වැඩසටහනයි. එය එතරම්ම ජනප්‍රිය වේ. Bittorrent යනු යමක් download කිරිමට ඇති ලෙහෙසිම හා ඉක්මන්ම මාර්ගයයි. ෆිල්ම්ස්, සින්දු, විවිධ වැඩසටහන් මෙන්ම විශාල ප්‍රමාණයේ ගොනු download කිරිමට මෙම torrent ප්‍රොටොකොලය භාවිතා කරයි. සෑම දිනකම අති විශාල ලෙස පරිඝනක අතර ගොනු bittorrent හරහා හුවමාරු වෙයි. පරණ පරිඝනකයකට අලුත් පන්නයේ පරිඝනකටත් වඩා වැඩි downloading speed එකක් උදා කර දිමට මේම වැඩසටහනට හැකිය. ඒ බව මෙම ලිපිය කියවිමෙන් ඔබට පැහැදිලි වෙවි.
අපි ඉස්සෙල්ලම බලමු සාමාන්‍ය(download) බාගත කිරිමකදි සිදුවන ක්‍රියාවලිය ගැන. 


මෙහිදි වෙන්නේ අපි යම් වෙබ් පිටුවකට ගිහින් යම් file එකක් බාගත කිරිමට ඉල්ලා සිටින විට එම වෙබ් අඩවිය මගින් file එක ඇති sever එකට ඒ බව දැනුම් දෙනවා ඊට පස්සේ sever එක මගින් එම file එක පරිඝනකයට download කරගැනමට ඉඩ ලබා දිමයි. මෙය FTP (file transfer protocol) හා HTTP (hyper tech transfer protocol) යනුවෙන් හදුන්වන්න පුලුවන්. මේ විදිහට යමක් download කරද්දි බොහො ගැටලු ඇති වෙන සාමාන්‍ය දෙයක්.. එනම් download speed එක අඩු විමයි. එසේ විමට හෙතු කිහිපයක් බලපානවා..
*web traffic/ sever traffic 


*file එක අඩංගු sever එක දුර රටක පැවතිම
මෙතනදි පරිඝනකයේ ඇති network speed එක අදාල වෙන්නේ නැහැ.. ඕනෑම පරිඝනකයකට ඉහත සඳහන් කල තත්ව නිසා downloading speed එක අඩු වෙන්න පුලුවන්. මේ තත්වයන් පහත ආකාරයට පහසුවෙන් විස්තර කල හැකියි.


හිතන්න ලෝකෙටම තියෙන්නේ එකම එක සුපර් මාකට් එකයි එකේ විතරයි ලොකෙම ඉන්න අයට ඕනම කරන product එකක්.. ඉතින් හැමෝම යනවා මේ සුපර්මාකට් එකට.. මෙකෙන් වෙන්නේ ලොකු තදබදයක් ඇති වෙන එක.. ආපු පිලිවෙලටයි product එක ගන්න පුලුවන්.. පස්සේ ආපු අයට ගොඩක් වෙලා ඉන්න වෙනවා මේ නිසා... ඒ වගෙම වෙනත් රට වල ඉඳලා මේ සුපර් මාකට් එකට එන්නත් අමාරුයි..
මෙකේදි සඳහන් product එක download කරන්න බලාපොරොත්තු වන file එක වගෙයි.. සුපර් මාකට් එකෙන් කියන්නේ sever එක ගැන ඒ වගෙම ඇති වෙන තදබදේ තමයි web traffic එක..
ජනප්‍රිය file එකක් මේ විදිහට හැමොම download කරන්න හැදුවහම download speed එක අඩු වෙනවා. ඒත් කලින් කිව්ව සුපර් මාකට් එක වගේ තවත් ගොඩක් ලොකේ වටෙම තිබ්බොත් ඒ ප්‍රශ්නේ විසඳන්න පුලුවන්.. bittorrent client කියන්නෙත් අන්න ඒ වගේ ක්‍රමයක්..
සාමාන්‍ය ක්‍රමයට download කිරිම වෙනුවට peer to peer නමින් අලුත් ප්‍රොටොකොලයක් හදුන්වා දුනි.. මෙහිදී විශේෂ client වැඩසටහනක් පරිඝනකයේ install කරගත යුතුය. මෙම වැඩසටහනට download කරගත යුතු ගොනුවේ විස්තර ලබා දුන් විට එම වැඩසටහන මගින් එම අවස්තාවේ client වැඩසටහන ස්ථාපිත පරිඝනක අතුරින් online සිටින හා එම ගොනුව ඇති පරිඝනක තොරා බේරා ගෙන ඒවායින් අදාල ගොනුව ලබා ගැනිම සිදු කරයි.. එවැනි පරිඝනක බොහො ප්‍රමාණයක් online සිටින තාක් download කරගැනිමට පහසු වේ.. තමා පහසුවෙන් යමක් download කරගත්තේ තව කෙනෙකුගේ උදව්වෙන් යයි සිතා තමාගේ පරිඝනකයද එසේ අන් අයගේ ප්‍රොයොජනයට online තබා ගැනිමට සිතන අය සිටින තාක් මෙම ක්‍රමය වාසිදායකය.. එවැනි පරිඝනක දානපති පරිඝනක ලෙස හඳුන්වයි. එහෙත් අවාසනවට එය එසේ නොවේ. ගොනුවක් Download කරගත් වහාම තම පරිඝනකය offline තත්වයේ තැබිමට බොහොදෙනා පෙලඹුනි. මෙය ලීචින් (leeching) යනුවෙන් හදුන්වයි.. එය ලේ උරා බොන කුඩැල්ලෙකු තමා ගැන පමණක් සිතන්නක් වැනි දෙයකි.

මෙසේ වටිනා අදහසක් අභාවයට යන හැටි දුටු කොහෙන් නම් පරිඝනක ක්‍රමලේඛ ශිල්පියා peer to peer සංකල්පය වැඩිදියුණු කලේය. එම ප්‍රොටොකොලය bittorrent නමින් හදුන්වයි. මෙය 2001 දී ලොකයාට හදුන්වා දුනි. අදවන විට මිලියන 170 ජනයා මෙය තම පරිඝනකයේ install කරගෙන වැඩ කටයුතු සිදුකර ගනි. Client වැඩසටහන මගින් torrent download කිරිමට හා යම් ගොනුවක් torrent එකක් බවට හැරවිමට හැකියාව ඇත. එමෙන්ම මෙම ප්‍රොටොකොලයේ ඇති විශෙෂත්වය වන්නේ උපතින්ම අමරණියත්වය හිමි කරගෙන තිබිමයි.😁
Bittorrent විශෙෂ ගුණාංග කිහිපයකින්ම සැකසුණු එකකි. Client වැඩසටහනින් torrent download කරන්නන්ගේ ip ලිපින ශ්‍රේණිගත කෙරේ. එනම් torrent download කරගෙන ඒවා අනෙක් අයගේ ප්‍රොයොජනයට ලබාදෙන්නන්ගේ torrent ප්‍රමාණය අනුව එම පරිඝනකය ශ්‍රේණිගත කිරිමේ ස්ථානය මත download speed එක තීරණය වේ.. වැඩි ගණනක් torrent download කර බේදා ගන්නන් හට වැඩි වේගයක්ද එසේ නොකරන අයට අඩු වේගයක්ද මින් ලබා දේ.. මේ නිසා සැවොම download කල ගොනුව අනෙක් අය සමග බෙදා ගැනිමට පෙළඹේ..


Bittorrent ක්‍රියාවලිය සිත්ගන්නා සුළු එකකි.
තමන්ට අවශ්‍ය ගොනුවෙහි විස්තර අඩංගු torrent විස්තරය client වැඩසටහනට ලබා දුන් විට client වැඩසටහන මගින් විමසා බැලිම ආරම්භ කරයි. මෙසේ ලබා දෙන විස්තරය trackers ලෙස හදුන්වයි. Tracker උපදෙස් අනුව අවශ්‍ය ගොනුව දැනටමත් download කරගෙන ඇති online පරිඝනක, client වැඩසටහන මගින් සම්බන්ධ කර ගනී. එවැනි සම්පුර්ණයෙන් ගොනුව download වූ පරිඝනක seed කියා හදුන්වයි. එමෙන්ම client වැඩසටහන මගින් download කරගැනිමට බලාපොරොත්තු වන ගොනුවේ ධාරිතාව මත කොටස් වෙන් කරගනි. Client වැඩසටහන download කිරිම ආරම්භ කිරිමට කලින් download කිරිම ආරම්භ කල පරිඝනකද ලොව පුරා වෙයි.. ඒවා දැනට ගොනුව download කර ඇති ප්‍රමාණයේ තමාට අවශ්‍ය කොටස් තිබේ දැයි සොයා බලා ඒවායින්ද ගොනුවට අවශ්‍ය කොටස් download කරගනි. මෙවැනි ගොනව download කරමින් පවතින පරිඝනක peer ලෙස හදුන්වයි. අලුතෙන් එක්වන seed හා peer පරිඝනක tracker පරිඝනකය මගින් client වැඩසටහනට දන්වයි. අවසානයේ client වැඩසටහන seed හා peer මගින් ලබා ගත් කොටස් එකලස් කර සම්පුර්ණ ගොනුවක් සැදීම සිදුකරයි. එමෙන්ම download කිරිම කරන අතරතුරදි අලුතෙන් එක්වූ peer පරිඝනක සඳහාද ගොනුවේ කොටස් ලබා දිමට කටයුතු කරයි. එමනිසා තම පරිඝනකය swarm ලෙස හදුන්වයි. මෙසේ ගත්විට bittorrent යනු සමුහ ක්‍රියාකරාකමකි.
සමාන්‍ය download කිරිමේ ක්‍රමයෙදි ජනප්‍රිය ගොනු download කර ගැනිම අපහසු කටයුත්තකි.. එහෙත් torrent වලදි එය එසේ නොවේ.. ජනප්‍රිය ගොනු සඳහා seed හා peer ගණන වැඩි නිසා download කරගැනිම වේගවත් වේ.
Bittorrent භාවිතයෙදි තරමක් දුරට ප්‍රවෙසම් විය යුතුය. client වැඩසටහන හරහා පරිඝනක ජාලයකට සම්බන්ධ වන නිසා ඒ හරහා වයිරස පැමිණීමට ඉඩ ඇත.. මේ නිසා ප්‍රසිද්ධ වෙබ්අඩවි පමණක් torrent ලබා ගැනිමට යොදා ගත යුතුය. නැත්නම් download වී අවසාන වූ විට එම ගොනුව virus guard එකක් මගින් විමසා බැලිමද සිදු කල හැක. එමෙන්ම Tracker පරිඝනක හරහා ලොකයාට විවර වන ip ලිපින යමෙකුට සොරා ගැනිමේ හැකියාවක්ද පවති. මේ නිසා වෙනස් කල ip ලිපින යොදා ගැනම සුදුසුය. එමෙන්ම හුවමාරු වන ගොනුවල නිතිමය බාවය ගැනත් සැළකිලිමත් විය යුතුය. බොහෝ පුදගලයන් torrent භාවිතා කරන්නේ මෙවැනි නිතිමය නොවන ගොනු ලබා ගැනිමටය. උදාහරණයකට අලුතෙන් තිරගත වීම් ආරම්භ වූ film එකක video copy ලබා ගැනිම සැලකිය හැක. (කොහොමත් ඉතින් අපි ඒකටනේ torrent  පාවිච්චි කරන්නේ 😁)


Bittorrent යනු open source මාදිලියේ ප්‍රොටොකොලයකි. මේ නිසා client වැඩසටහන වෙනස් කිරිමෙන් ඔනෑම අයෙකුට අලුත් client වැඩසටහන් නිර්මාණය කල හැක. 



මේ වන විට torrent ලබා දිමට ඔනෑ තරම් වෙබ් අඩවි තිබේ.. එමෙන්ම torrent search කිරිමට හැකි search engine පවා තිබේ(piratebay වැනි search engine)
Bittorrent ලෝකයාට කාලය ඉතිරි කරමින් ජිවන රටාවට උදව් වේ.. එම නිසා bittorrent යනු මෑත කාලිනව බිහිවූ සුපිරි ගනයේ තාක්ෂණයකි.
ඉතින් ඔයාගේ අදසත් පහලින් comment කරන්න . මේ  වගේ විස්තර දැන ගන්න slpcstore fb page එක like කරන්න..😁🙏

Share:

0 comments:

Post a Comment

Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE