SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

SLPCSTORE

Monday, December 2, 2019

HOW TO DOWNLOAD ADOBE SOFTWARES FREE | SINHALA


මේ වෙද්දි adobe software වල 2020 series එක adobe සමාගම නිකුත් කරලයි තියෙන්නේ. Adobe softwares සල්ලී දිලා ගන්නේ නැතුව free download කරගෙන පාවිච්චි කරන හැටියි අද article එකෙන් කියලා දෙන්නේ..

*Software Download කරන හැටි
ඉතින් පල්ලෙහා තියෙන download කියන එක click කරකා ඔයාට ඕන කරන adobe software එක download කරන්න. (Download එක click කරාට පස්සේ එන page එකේ තත්පර 5 ඉඳලා skip ad කියන එක click කරන්න)
 site එකේ දැනට නිකුත් වෙලා තියෙන හැම adobe software එකක්ම තියෙනවා. Download කරද්දි adobe  software එකත් එක්ක crack එක සහ ඒ setup එකේ size එක දාලා තියෙන link එක click කරන්න. උදාහරණයකට ඔයා adobe photoshop download කරනවනම් පල්ලෙහා රවුම් කරලා තියෙන link එක click කරන්න. 

Download කරපු zip file එක දැන් extract කරගන්න. Extract කරද්දි ඔයාගෙන් password එකක් ඉල්ලයි ඒකට izofile.com කියලා දෙන්න. දැන් software එකේ setup එක click කරලා install කරන්න. මෙකෙදි අලුත්ම adobe software එකක් නම් ඔයා install කරන්නේ ඉස්සෙල්ලම adobe create cloud එක install වෙලා ඉවර වෙලයි software එක install වෙන්නේ😁. 

දැන් install කරලා ඉවර උනාට පස්සේ software එක open කරන්න යන්න් එපා. ඊට කලින් patch එක දාන්න ඔනේ...

*Software එකට patch දාන විදිහ
Download කරගත්තු zip file එකේ ඇති crack (patch කියලත් තියෙන්න පුලුවන්) කියලා file  එකක් ඇති. එකේ තියෙන patcher software එක open කරගන්න(adobe universal patcher). එකෙන් ඔයාට ඕන කරන software එක තොරන්න..

 මෙතනදි ඔයාට ඕන කරන අවුරුද්ද නැති වෙන්න පුලුවන්. එක ප්‍රශ්නයක් නෙමෙයි. ආසන්නම අවුරුද්ද තියෙන software එක select කරානම් හරි😀.. දැන් patch කියන එක click කරන්න. එතකොට message එකක් එයි ඔයා software location එක දිලා නැහැ කියලා ඒක ok දෙන්න. දැන් එන window එකේ ඔයා software එක install කරපු location එකට යන්න. ඒ file එකේ ඇති amtlib.dll කියන file එක select කරලා ok දෙන්න. ඊට පස්සේ ආයෙත් අර patch කියන එක click කරන්න.. දැන් software එකට patch එක වැටිලා ඉවරයි😁😁 ඉතින් දැන් ඔයාට ඒකේ වැඩ කරන්න පුලුවන්..
මොකක් හරි ප්‍රශ්නයක් තිබ්නොත් පල්ලෙහා comment එකක් දාන්න.. මතක් කරලා page එකත් like කරන්න😁❤️❤️

Share:

Monday, September 30, 2019

Bittorrent ගැන සිංහලෙන් | what is Bittorrent



අන්තර්ජාල භාවිතා කරන්නන් නිසා ඇතිවන අන්තර්ජාල තද බදයට මුලිකම දායකත්වයක් ලබා දෙන්නේ bittorrent client වැඩසටහනයි. එය එතරම්ම ජනප්‍රිය වේ. Bittorrent යනු යමක් download කිරිමට ඇති ලෙහෙසිම හා ඉක්මන්ම මාර්ගයයි. ෆිල්ම්ස්, සින්දු, විවිධ වැඩසටහන් මෙන්ම විශාල ප්‍රමාණයේ ගොනු download කිරිමට මෙම torrent ප්‍රොටොකොලය භාවිතා කරයි. සෑම දිනකම අති විශාල ලෙස පරිඝනක අතර ගොනු bittorrent හරහා හුවමාරු වෙයි. පරණ පරිඝනකයකට අලුත් පන්නයේ පරිඝනකටත් වඩා වැඩි downloading speed එකක් උදා කර දිමට මේම වැඩසටහනට හැකිය. ඒ බව මෙම ලිපිය කියවිමෙන් ඔබට පැහැදිලි වෙවි.
අපි ඉස්සෙල්ලම බලමු සාමාන්‍ය(download) බාගත කිරිමකදි සිදුවන ක්‍රියාවලිය ගැන. 


මෙහිදි වෙන්නේ අපි යම් වෙබ් පිටුවකට ගිහින් යම් file එකක් බාගත කිරිමට ඉල්ලා සිටින විට එම වෙබ් අඩවිය මගින් file එක ඇති sever එකට ඒ බව දැනුම් දෙනවා ඊට පස්සේ sever එක මගින් එම file එක පරිඝනකයට download කරගැනමට ඉඩ ලබා දිමයි. මෙය FTP (file transfer protocol) හා HTTP (hyper tech transfer protocol) යනුවෙන් හදුන්වන්න පුලුවන්. මේ විදිහට යමක් download කරද්දි බොහො ගැටලු ඇති වෙන සාමාන්‍ය දෙයක්.. එනම් download speed එක අඩු විමයි. එසේ විමට හෙතු කිහිපයක් බලපානවා..
*web traffic/ sever traffic 


*file එක අඩංගු sever එක දුර රටක පැවතිම
මෙතනදි පරිඝනකයේ ඇති network speed එක අදාල වෙන්නේ නැහැ.. ඕනෑම පරිඝනකයකට ඉහත සඳහන් කල තත්ව නිසා downloading speed එක අඩු වෙන්න පුලුවන්. මේ තත්වයන් පහත ආකාරයට පහසුවෙන් විස්තර කල හැකියි.


හිතන්න ලෝකෙටම තියෙන්නේ එකම එක සුපර් මාකට් එකයි එකේ විතරයි ලොකෙම ඉන්න අයට ඕනම කරන product එකක්.. ඉතින් හැමෝම යනවා මේ සුපර්මාකට් එකට.. මෙකෙන් වෙන්නේ ලොකු තදබදයක් ඇති වෙන එක.. ආපු පිලිවෙලටයි product එක ගන්න පුලුවන්.. පස්සේ ආපු අයට ගොඩක් වෙලා ඉන්න වෙනවා මේ නිසා... ඒ වගෙම වෙනත් රට වල ඉඳලා මේ සුපර් මාකට් එකට එන්නත් අමාරුයි..
මෙකේදි සඳහන් product එක download කරන්න බලාපොරොත්තු වන file එක වගෙයි.. සුපර් මාකට් එකෙන් කියන්නේ sever එක ගැන ඒ වගෙම ඇති වෙන තදබදේ තමයි web traffic එක..
ජනප්‍රිය file එකක් මේ විදිහට හැමොම download කරන්න හැදුවහම download speed එක අඩු වෙනවා. ඒත් කලින් කිව්ව සුපර් මාකට් එක වගේ තවත් ගොඩක් ලොකේ වටෙම තිබ්බොත් ඒ ප්‍රශ්නේ විසඳන්න පුලුවන්.. bittorrent client කියන්නෙත් අන්න ඒ වගේ ක්‍රමයක්..
සාමාන්‍ය ක්‍රමයට download කිරිම වෙනුවට peer to peer නමින් අලුත් ප්‍රොටොකොලයක් හදුන්වා දුනි.. මෙහිදී විශේෂ client වැඩසටහනක් පරිඝනකයේ install කරගත යුතුය. මෙම වැඩසටහනට download කරගත යුතු ගොනුවේ විස්තර ලබා දුන් විට එම වැඩසටහන මගින් එම අවස්තාවේ client වැඩසටහන ස්ථාපිත පරිඝනක අතුරින් online සිටින හා එම ගොනුව ඇති පරිඝනක තොරා බේරා ගෙන ඒවායින් අදාල ගොනුව ලබා ගැනිම සිදු කරයි.. එවැනි පරිඝනක බොහො ප්‍රමාණයක් online සිටින තාක් download කරගැනිමට පහසු වේ.. තමා පහසුවෙන් යමක් download කරගත්තේ තව කෙනෙකුගේ උදව්වෙන් යයි සිතා තමාගේ පරිඝනකයද එසේ අන් අයගේ ප්‍රොයොජනයට online තබා ගැනිමට සිතන අය සිටින තාක් මෙම ක්‍රමය වාසිදායකය.. එවැනි පරිඝනක දානපති පරිඝනක ලෙස හඳුන්වයි. එහෙත් අවාසනවට එය එසේ නොවේ. ගොනුවක් Download කරගත් වහාම තම පරිඝනකය offline තත්වයේ තැබිමට බොහොදෙනා පෙලඹුනි. මෙය ලීචින් (leeching) යනුවෙන් හදුන්වයි.. එය ලේ උරා බොන කුඩැල්ලෙකු තමා ගැන පමණක් සිතන්නක් වැනි දෙයකි.

මෙසේ වටිනා අදහසක් අභාවයට යන හැටි දුටු කොහෙන් නම් පරිඝනක ක්‍රමලේඛ ශිල්පියා peer to peer සංකල්පය වැඩිදියුණු කලේය. එම ප්‍රොටොකොලය bittorrent නමින් හදුන්වයි. මෙය 2001 දී ලොකයාට හදුන්වා දුනි. අදවන විට මිලියන 170 ජනයා මෙය තම පරිඝනකයේ install කරගෙන වැඩ කටයුතු සිදුකර ගනි. Client වැඩසටහන මගින් torrent download කිරිමට හා යම් ගොනුවක් torrent එකක් බවට හැරවිමට හැකියාව ඇත. එමෙන්ම මෙම ප්‍රොටොකොලයේ ඇති විශෙෂත්වය වන්නේ උපතින්ම අමරණියත්වය හිමි කරගෙන තිබිමයි.😁
Bittorrent විශෙෂ ගුණාංග කිහිපයකින්ම සැකසුණු එකකි. Client වැඩසටහනින් torrent download කරන්නන්ගේ ip ලිපින ශ්‍රේණිගත කෙරේ. එනම් torrent download කරගෙන ඒවා අනෙක් අයගේ ප්‍රොයොජනයට ලබාදෙන්නන්ගේ torrent ප්‍රමාණය අනුව එම පරිඝනකය ශ්‍රේණිගත කිරිමේ ස්ථානය මත download speed එක තීරණය වේ.. වැඩි ගණනක් torrent download කර බේදා ගන්නන් හට වැඩි වේගයක්ද එසේ නොකරන අයට අඩු වේගයක්ද මින් ලබා දේ.. මේ නිසා සැවොම download කල ගොනුව අනෙක් අය සමග බෙදා ගැනිමට පෙළඹේ..


Bittorrent ක්‍රියාවලිය සිත්ගන්නා සුළු එකකි.
තමන්ට අවශ්‍ය ගොනුවෙහි විස්තර අඩංගු torrent විස්තරය client වැඩසටහනට ලබා දුන් විට client වැඩසටහන මගින් විමසා බැලිම ආරම්භ කරයි. මෙසේ ලබා දෙන විස්තරය trackers ලෙස හදුන්වයි. Tracker උපදෙස් අනුව අවශ්‍ය ගොනුව දැනටමත් download කරගෙන ඇති online පරිඝනක, client වැඩසටහන මගින් සම්බන්ධ කර ගනී. එවැනි සම්පුර්ණයෙන් ගොනුව download වූ පරිඝනක seed කියා හදුන්වයි. එමෙන්ම client වැඩසටහන මගින් download කරගැනිමට බලාපොරොත්තු වන ගොනුවේ ධාරිතාව මත කොටස් වෙන් කරගනි. Client වැඩසටහන download කිරිම ආරම්භ කිරිමට කලින් download කිරිම ආරම්භ කල පරිඝනකද ලොව පුරා වෙයි.. ඒවා දැනට ගොනුව download කර ඇති ප්‍රමාණයේ තමාට අවශ්‍ය කොටස් තිබේ දැයි සොයා බලා ඒවායින්ද ගොනුවට අවශ්‍ය කොටස් download කරගනි. මෙවැනි ගොනව download කරමින් පවතින පරිඝනක peer ලෙස හදුන්වයි. අලුතෙන් එක්වන seed හා peer පරිඝනක tracker පරිඝනකය මගින් client වැඩසටහනට දන්වයි. අවසානයේ client වැඩසටහන seed හා peer මගින් ලබා ගත් කොටස් එකලස් කර සම්පුර්ණ ගොනුවක් සැදීම සිදුකරයි. එමෙන්ම download කිරිම කරන අතරතුරදි අලුතෙන් එක්වූ peer පරිඝනක සඳහාද ගොනුවේ කොටස් ලබා දිමට කටයුතු කරයි. එමනිසා තම පරිඝනකය swarm ලෙස හදුන්වයි. මෙසේ ගත්විට bittorrent යනු සමුහ ක්‍රියාකරාකමකි.
සමාන්‍ය download කිරිමේ ක්‍රමයෙදි ජනප්‍රිය ගොනු download කර ගැනිම අපහසු කටයුත්තකි.. එහෙත් torrent වලදි එය එසේ නොවේ.. ජනප්‍රිය ගොනු සඳහා seed හා peer ගණන වැඩි නිසා download කරගැනිම වේගවත් වේ.
Bittorrent භාවිතයෙදි තරමක් දුරට ප්‍රවෙසම් විය යුතුය. client වැඩසටහන හරහා පරිඝනක ජාලයකට සම්බන්ධ වන නිසා ඒ හරහා වයිරස පැමිණීමට ඉඩ ඇත.. මේ නිසා ප්‍රසිද්ධ වෙබ්අඩවි පමණක් torrent ලබා ගැනිමට යොදා ගත යුතුය. නැත්නම් download වී අවසාන වූ විට එම ගොනුව virus guard එකක් මගින් විමසා බැලිමද සිදු කල හැක. එමෙන්ම Tracker පරිඝනක හරහා ලොකයාට විවර වන ip ලිපින යමෙකුට සොරා ගැනිමේ හැකියාවක්ද පවති. මේ නිසා වෙනස් කල ip ලිපින යොදා ගැනම සුදුසුය. එමෙන්ම හුවමාරු වන ගොනුවල නිතිමය බාවය ගැනත් සැළකිලිමත් විය යුතුය. බොහෝ පුදගලයන් torrent භාවිතා කරන්නේ මෙවැනි නිතිමය නොවන ගොනු ලබා ගැනිමටය. උදාහරණයකට අලුතෙන් තිරගත වීම් ආරම්භ වූ film එකක video copy ලබා ගැනිම සැලකිය හැක. (කොහොමත් ඉතින් අපි ඒකටනේ torrent  පාවිච්චි කරන්නේ 😁)


Bittorrent යනු open source මාදිලියේ ප්‍රොටොකොලයකි. මේ නිසා client වැඩසටහන වෙනස් කිරිමෙන් ඔනෑම අයෙකුට අලුත් client වැඩසටහන් නිර්මාණය කල හැක. 



මේ වන විට torrent ලබා දිමට ඔනෑ තරම් වෙබ් අඩවි තිබේ.. එමෙන්ම torrent search කිරිමට හැකි search engine පවා තිබේ(piratebay වැනි search engine)
Bittorrent ලෝකයාට කාලය ඉතිරි කරමින් ජිවන රටාවට උදව් වේ.. එම නිසා bittorrent යනු මෑත කාලිනව බිහිවූ සුපිරි ගනයේ තාක්ෂණයකි.
ඉතින් ඔයාගේ අදසත් පහලින් comment කරන්න . මේ  වගේ විස්තර දැන ගන්න slpcstore fb page එක like කරන්න..😁🙏

Share:

Sunday, September 8, 2019

How to upload photos from Phone to Blogger | සිංහලෙන් 🇱🇰

හැලෝ කට්ටියටම මම ගොඩ කාලෙකට පස්සේ තමයි මේ article එක ලියන්නේ.. ඉතින් අද කියලා දෙන්න යන්නේ කොහොමද blogger එකට phone එකකින් පහසුවෙන් photos upload කරන හැටි.. ඔයා phone එකේ browser එකකින් ගිහිල්ලා blogger එකේ photos කිසි අවුලක් නැතුව upload කරනවනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ😁.. ඒත් සමහරක් phones වලින් මේ දේ කරන්න බැහැ.. ඒ වගේම blogger app එකෙනුත් photos upload වෙන්නේ නැහැ.. මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි..
ඔයා ඉස්සෙල්ලම ඔයාගේ phone එකේ google photo app එක open කර ගන්න..
App එක open උනාට පස්සේ ඔයාට upload කරන්න ඕන් කරන photo එක select කර ගන්න.. (app එක open වෙද්දි මුළු photos ටිකම sync කරන්නද කියලා අහයි.. එක close කරන්න)
ඕන කරන photo එක තෙරුවට පස්සේ උඩ image එකේ විදිහට රවුම් කරලා තියෙන icon එක click කරන්න.. එතකොට ඔයාගේ photo එක sync වෙයි.. 
දැන් සාමාන්‍ය විදිහට ඔයාගේ browser එකෙන් blogger එකට ගිහිල්ලා new post එකක් හදන්න එකේ add image තොරන්න..
එතකොට අපි එන window එකේ from your phone කියන එක තොරන්න..
දැන් ඔයාට බලාගන්න පුලුවන් වෙයි ඔයා upload කරපු photo එක.. මේ ක්‍රමේට ඔයාට පුලුවන් blogger එකට ඔයාගේ phone එකෙන් photo upload කරන්න😁❤️❤️ 
Post එක හොඳනම් comment එකක් දාන්න ඒ වගෙම මතක් කරලා slpcstore fb page එක like කරන්න👍👍
Share:

Wednesday, May 23, 2018

HOW TO GET FREE GIFTS FROM GOKANO (SINHALA)


අද මම කියල දෙන්න යන්නේ කොහොමද gokano web සයිට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම මම gokano ගැන පැහැදිලි කරන්නම්. gokano කියන්නේ විවිධ task සම්පුර්ණ කරලා තෑගි දිනා ගන්න පුළුවන් web site එකක්. මේකෙදි තෑගි ලබා දෙන්නේ අපි task සම්පුර්ණ කරලා එකතු කර ගන්න points අනුවයි. මේකෙදි ලොකු ලොකු අමාරු දේවල් කරන්න නැහැ. ඒ වගේම ඉවසීමෙන් වැඩ කලොත් points ගොඩක් එකතු කර ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේ gokano වෙබ් සයිට් අපිට මොකටද free gift දෙන්නේ කියලා. මෙහෙමයි gokano වේබ් සයිට් එකේ අපි වැඩ කරන කොට වටේටම ads පෙන්නනවා. මේවලින් gokano වෙබ් සයිට් එක මුදල් හම්බ කරනවා. සාමාන්‍ය වෙබ් සයිටේ එකක් ගත්තහම එකට එන සෙනග අනුව දාල තියෙන ads වලින් ගානක් හම්බ වෙනවා. ඉතින් gokano කරන්නේ task සම්පුරණ කරහම free gift දීලා ads වලට viwes වැඩි කර ගන්න එකයි. bot ලා පාවිච්චි නොකර ඇත්ත මිනිස්සු web සයිට් එකට එන නිසාත් වක්‍රව මිනිස්සුන්ට ads පෙන්නන නිසාත් gokano නීතිමය වශයෙන් ස්ථාවරයි. ඒ නිසාම gokano කියන්නේ මේ වෙද්දී ලෝකය පුරාම විශ්වාසය දිනු වෙබ් අඩවියක්.
හරි අපි එහෙනම් බලමු කොහොමද gokano පාවිච්චි කරන්නේ කියලා. ඉස්සෙල්ලම පල්ලෙහා තියෙන link එක පාවිච්චි කරලා gokano එකේ registerවෙන්න.            
                       


register වෙද්දී ඔයාලට උඩ තියෙනවා වගේ page එකක් දැක ගන්න පුළුවන්. එකේදී ඔයාලගේ ඇත්ත විස්තර ලබා දෙන්න. මොකද gift එවන්නේ ඔයා ලබා දුන්න විස්තර  අනුව. ඔයාගේ පළාතේ zip code එක ගූගල් එකෙන් හොයා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට වත්තල zip code එක දැන ගන්න ගූගල් එකේ wattala zip code කියල search කරන්න. පල්ලෙහා කොටුවේ තියෙන වචනේ your answer එකේ type කරලා අන්තිමට register new account කියන එක click කරන්න.

register උනාට පස්සේ ඔයාලට මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්.
උඩම bar එකේ Home, missions, prize, offers වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන්.
ඊට යටින් අපි හොයපු points ගාන බල ගන්නා පුළුවන්. මේකෙදි points වර්ග දෙකක් තියෙනවා Gn, Vp කියලා. Gn කියන්නේ gokano එකේ තියෙන task කරලා හොයා ගන්න පුළුවන් points වර්ගය. ඒ වගේම Vp කියන්නේ විවිධ දේවල් download කරලා ලබා ගන්නා points.

වම් පැත්තෙන් ඔයාලට කොළ පාට කොටු තුනක් බලා ගන්න පුළුවන්. එකේ තියෙන collect daily points එක click කරහම free Gn point එකක් දවසකට ලබා ගන්න පුළුවන්. මතක් කරලා ඔයා gokano එකට ලොග් වෙන හැම දවසකම මේක click කරන්න අමතක කරන්න එපා.

හරි අපි බලමු කොහොමද මේකේ task කරන්නේ කියලා. එකට missions කියන එක click කරන්න එතකොට ඔයාලට පල්ලෙහා තියෙන විදියේ page එකක් බලා ගන්නා පුළුවන්.


daily missions වලදී කරන්න තියෙන්නේ එයාලා අපිට ලබා දෙන poll එකක් fill කරලා Gn point එකක් ලබා ගන්න එකයි. මේකෙදි මොන උත්තරේ click කරලා next දුන්නත් ඔයාට point එකක් ලබා ගන්න පුළුවන්. කෙලෙන්ම කිව්වොත් අපෙන් අහන්නේ ගොඩක් වෙලාවට ගොන් ප්‍රශ්න. උදාහරණයක් විදියට ඔයා කැමති batman ටද  නැත්තන් supermanටද වගේ පරශ්න. සාමන්යෙන් මේ වගේ task දවසට දෙපාරක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදේටයි රෑටයි වගේ.

ඉතින් ඔයා දවසට එක පාරක් gokano එකට ලොග් වුනොත් daily point සහ daily missions click කරලා Gn හොයන්න පුළුවන් ඒ කියන්නේ මාසෙට 60 Gn.

social missions තමයි ලෙහෙසියෙන්ම Gn හොයා ගන්නා පුළුවන් task තියෙන්නේ. අපිට තියෙන්නේ ඒගොල්ලෝ දෙන facebook, youtube වල තියෙන page like/fallow/subscribe කරන එකයි. ගොඩක් pages අපිට වැදගත් නොවන ඒවා. මම මුල් දවස් වල මේ හැම page එකක්ම like කර කර Gn හෙව්වේ ඇත්තටම gokano සහ social web site අතර කිසිම සම්බන්දයක් නැහැ. gokano එකෙන් කරන්නේ යම් කිසි වෙලාවක් තුල අපිට point ලබා දෙන එක ඉතින් ඒ කාලේ යනකම් ටිකක් වෙලා හිටියම click නොකරම අපිට Gn point ගන්න පුළුවන්. මේක දවසට එකක් දෙකක් නෙමේ තියෙන හැම task එකක්ම ඉවර කරන්න පුළුවන් නිසා ඉකමනින් දවසට point ගොඩක් ගන්න පුළුවන්. සමහර task වලට 2Gn පවා දෙනවා.


Extra missions වල කරන්න තියෙන්නේ gokano එකෙන් දෙන softwares download කරන එකයි. මේකෙදි ඔයාට Vp point එකතු කර ගන්නා පුළුවන්. හැමතිස්සෙම මේ වගේ task නැති නිසා අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ ඒ පිලිබදව.


Fast mission වල තියෙන්නේ විවිධ web site වලට යන්න, ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන එක වගේ දේවලුයි. මේකත් ටිකක් අමාරු task එකක්. මොකද හැම task එකකටම time period එකක් තියෙන නිසා සහ හැම තිස්සෙම task නැති නිසයි. ඒ වුනාට මේ task එකක් කලොත් ඔයාට 2Gn හොයා ගන්න පුළුවන්.

හරි අපි බලමු මේ task කරලා අපිට ගන්නා පුළුවන් gift මොනවද කියලා. එකට උඩ තියෙන prize කියන එක click කරන්න. එතකොට පල්ලෙහා තියෙන විදියට ඔයාට page එකක් බලා ගන්න පුළුවන්.

gadgets කියන එකේ තියෙන්නේ gokano එකේ ලෝගෝ එක දාපු ෂර්ට්, කෝප්ප වගේ දේවල්. electronics කියන එකේ තියෙන්නේ විවිධ ඉලෙක්ට්‍රොනික බඩු.. ෆෝන්, පවර් බෑන්ක් , පෙන් වගේ දේවල් තමා එකේ තියෙන්නේ. gift cards click කලහම බලාගන්න පුළුවන් විවධ web site වල gift cards.. ඔයාට paypal එකට සල්ලි දාගන්නත් මේ හරහා පුළුවන්. මේ හැම දෙයක්ම ගන්න පුළුවන් ඔයා මහන්සි වෙන තරමට තමයි.


ඒ වගේම මම ඔයාට කිව්වා vp හොයන්න gokano එකේ apps වගේ දේවල් download කරන්න වෙයි කියලා. ඒවාට හම්බ වෙන්නේ ඉතා අඩු vp ප්‍රමාණයක්... ඉතින් ඔයාට පුළුවන් gokano එකේ offer කියන එක click කරලා වෙන සයිට් වලින් දෙන task කරලා vp ගන්නා. ගොඩක් වෙලවට තියෙන්නේ form fill කරන්න වගේ දේවල්.
ඉතින් මම ආයෙත් කියන්න ඕනේ gokano කියන්නේ විශ්වාසවන්ත සයිට් එකක් කියලා. ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොටත් gokano එකක් වැඩ කරලා ගෙදරටම gift ගෙන්නාගෙන තියෙනවා. 



ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
Share:

Tuesday, April 24, 2018

VLC MEDIA PLAYER SINHALA SUBTITLE

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි vlc media player එකෙන් කොහොමද සිංහල උපසිරස බලාගන්නේ කියලා. අඑත්තටම මේක ගොඩක් අමාරු නැහැ හරිම ලෙහෙසියි. ඉස්සෙල්ලම vlc media player එක open කරගෙන උඩ තියෙන tool එක ඔබලා preferences තෝරන්න.


දැන් dialog box එකේ වම් පැත්තේ පල්ලෙහා show settings වල තියෙන all කියන එක තෝරන්න. ඊට පස්සේ වම් පැත්තේ තියෙන subtitles/ osd කියන එක click කරන්න.


අයෙත් show settings වල simple එක තෝරන්න. දැන් වම් පැත්තේ තියෙන subtitles / osd කියන icon එක click කරන්න.
දැන් default encoding එකේ utf-8 කියන එක තෝරලා font එක iskoola pota කියන එක තෝරලා දෙන්න. දැන් පල්ලෙහා තියෙන save එක click කරලා settings ටික save කර ගන්න. ඉතින පල්ලෙහා තියෙන පින්තුරේ විදියට සිංහල උපසිරස ඔයාලට බලාගන්න පුළුවන්.



iskoola pota font එක නැත්තන් මෙතනින් සිංහල fonts download කර ගන්න.
ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....


Share:

Saturday, April 7, 2018

KOOMBIYO Gta sa t-shirt


කුම්බියෝ කියන්නේ ලංකාවේ ගොඩක් පෙරලියක් කරපු කතාවක්. ගොඩක් අය කූම්බියෝ කතාවට කැමති  උන. ඉතන් මම හිතුව කුම්බියෝ logo එක දාල gtamod  එකක්අර ගෙන එන්න ඕනේ කියලා.ඉතින්  පල්ලෙහා තියෙන්නේ මම ගත්තු screenshots ටිකක්.









ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....
Share:

Tuesday, March 13, 2018

How to play games with voice chat


ලංකාවේ මේ වෙදීදි ගොඩක් අය online gamesplay කරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් games play කරදිදි තියෙන ප්‍රශ්නයක් තමයි අනිත් ප්ලේයෙර්ලත් එක්ක කතා කරන්න බැරි වීම. සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි pc එකට mic එකක් නොමැති වීම. ඉතින් මම අද කතාකරන්න හිතුවා මේ හැම ප්‍රශ්නයක් ම විසදෙන communication system එකක් ගැන. 
teamspeak කියන communication system එක තමයි මම අද මේ වැඩේට පාවිච්චි කරන්නේ. teamspeak කියන්නේ කණ්ඩායමක් අතර අදහස් හුවමාරු කර ගන්න තියෙන ක්‍රමයක්.    teamspeak පාවිච්චි කරදිදි ලොකුවට data කපෙන්නෙත් නැහැ .  ඒ වගේම මේ teamspeak එක පාවිච්චි කරන්න sever එකක් ඕනේ වෙනවා. sever එකක් හදනවා කියන්නේ අමාරු දෙයක්. ඉතින් භය වෙන්න දෙයක් නැහැ  මේ වෙද්දී onlinelk මගින් සාර්ථක sever එකක් ලංකාවේ gamersලා වෙනුවෙන්ප වත්වාගෙන යනවා. onlinelk කියන්නේ ලංකාවේ ඉස්සෙලාම mta san andreas  sever එකක් නිර්මාණය කරපු අය. ඒ severs තාමත් ජනප්‍රියයි.
හැම දවසකම වගේ අලුතින් ප්ලයෙර්සලා මේ severs වලට එකතු වෙනවා.  
teamspeak3 කියලා pc එකට සහ mobile එකට software දෙකක් තියෙනවා. pc softwareඑක free ලබා  දෙන්නේ එත් mobile software එකට මුදල් අය කරනවා. පල්ලෙහා තියෙන link එකෙන් ඕගොල්ලොන්ට  mobile app එකේ cracked version එක download කර ගන්න පුළුවන්.



මම පාවිච්චි කරන්නේ mobile app එක මොකද එකට mic එකක් ඕනේ වෙන්නේ නැති නිසා.  ඒවගේම app  එකෙයි software එකෙයි ලොකු වෙනසක්  නැහැ. ඉතින් appඑක කරගත්තම මේ විදියට තමයි පෙන්නේ.


ඉස්සෙල්ලාම app එකේ settings ගැනකියලා දෙන්නම්.  උඩ තියෙන bar එකේ settings කියන එක click  කරන්න.

  

handsfree කියන එක click කරහම ලොකු ශබ්දයක් ලබා ගන්න පුළුවන්. audio settings වලින් mic ටෙස්ට්  එකක් කරගන්න පුළුවන්. voice activation level කියන එකෙන් තමන්ගේ හඬ පරාසය අනුව settings හදා  ගන්න ඕනේ එකෙන බාහිර ශබ්ද ඇහෙන එක නතර වෙනවා.  country flag එක click කරහම ප්ලයෙර්සලා  ලොග් වෙලාඉන්න රට පෙන්වනවා . දැන් ආයේ home screen එකට ඇවිල්ල bookmark කියන එක click  කරන්න.


ඔය වගේ screen එකක් තමයි පෙන්නනේ. එකේ label කියන එකට display වෙන්න ඕනේ කැමති name  එකක් දෙන්න.address එකට ts.onlinelk.net කියලා දෙන්න. password එකට කැමති password එකක්  දෙන්න. niknameඔයාගේ නම දෙන්න. ඊට පස්සේ save ඔබන්න. දැන් ඔයා save කරගත්ත bookmark එක  click කරලා sever එකට ලොග් වෙන්න.


මේ විදියට තමයි sever එක පෙන්වන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක් channels තියෙනවා  sever එකේ. public channels තමයි ඔයාට sever එකේ use කරන්න පුළුවන්. ඔයා කැමති public channel  එකක් click කරලා join channel click කරන්න.

   


ඉතින් මේ වගේ ප්ලයෙර්ස්ල public channel එකකට එකතු කරගෙන voice chat කරන්න පුළුවන්. ඒවගේම  msg කරන්නත් පුළුවන්. පල්ලෙහා තියෙන bar එකෙන් mic එක speeker එක on off කර ගන්න පුළුවන්.  ගොඩක් ප්ලයෙර්සලා මේ public channel එකට තමයි එකතු වෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇති මගේ  නමට පස්සේ ලෝගෝ ටිකක් තියෙනවා. ඒතමයි player සෙල්ලම් කරන games. මේක හදා ගන්නනම්  ඇඩ්මින් කෙනෙක් contact කරගන්න ඕනේ. galmaina කියන්නේ ගොඩක් වෙලාවට online ඉන්න ඇඩ්මින්  කෙනෙක්.ඒ වගේම මමත් online ඉන්නවා පුළුවන් හැම වෙලාවේම(Nipun_Rox). ඔයාට ඕනේ නම්  අලුතින් channel එකක් හදන්න උඩ තියෙන bar එකේ New channel කියන එක click  කරන්න.


ඒ වගේ මේකට එන ප්ලයෙර්ස්ලව contact එකක් විදියට app එකේ save කර ගන්න පුළුවන්.


ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ mta sa, cod4, coc වගේ online games යාළුවොත් එක්ක voice chat කරන  ගමන් play කරන්න. ඒ වගේම කියන්න ඕනේ අනිත් ප්ලයෙර්ස්ලට කරදරකරන්න යන්න එපා මොකද  ඔයාගේ account එක ඇඩ්මින්ලට ban කරන්න පුළුවන් නිසා. හරි එහෙනම් අපි teamspeak එකේදී හම්බ  වෙමු. අනිවාර්යෙන් මාව sever එකේ දැක්කොත් කතා කරන්න නැත්තන් මගේ නම කියලා බලන්න... 
 මම Nipun_Rox

ඔයා මේ පොස්ට් එක ගැන හිතනදෙ පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න අනිත් යටත් දැන ගන්නා share කරන්න. ඒවගේම youtube chanel එක subscribe කරලා facebook page එක like කරගෙන යන්න අමතක කරන්න එපා....

Share:
Powered by Blogger.

LIKE US ON FACEBOOK

SUBSCRIBE TO MORE

TRANSLATE THIS SITE